ස්වර්ණසරණිය ගැන හැඳින්වීම.....

ස්වර්ණසරණිය මීට අවුරුදු 10 ටත් උපත ලද ඇය ඔබ අතරට එන්න කිහිපවරක්ම උත්සහකලා එ්ත් පොඩි හිතුවක්කාරකමක් තිබුනා මේ පොත මගේම ප‍්‍රකාශණයක් විදිහට එළිදක්වන්න.මම ස්වර්ණසරණිය ගැන හිතූවෙ ඇත්තටම මේක සැබෑලෝකයේ පවතින්නේ නැති මනක්කල්පිත චරිතයන් කියලා,එ්ත් මේපොත මුද්‍රණය කිරීමට මසකට කලින් මට එ් ස්වර්ණසරණිය හමුවුනා. එ්හමුවීම සිදුවූ විදිහ ස්වර්ණසරණිය 2 ඔයාලට කියන්නම්.

එයා ගැන කියනවානම් දැනට ගම්පහ මූලික රෝහලේ සේවයේ නියතු දක්ෂ වෛද්‍යවරියක්.නමින් ඇය කෞශල්‍යා රුවන්තිකා.

එයා ගැන කියනවානම් දැනට ගම්පහ මූලික රෝහලේ සේවයේ නියතු දක්ෂ වෛද්‍යවරියක්. නමින් ඇය කෞශල්‍යා රුවන්තිකා. මම මේ පණපොවන ස්වර්ණසරණිය චරිතයේ තියෙන ලක්ෂණ බොහොමයක් ඇය තුලින් දැක්කා සරල හා චාම්බව ඇඳුමින්පවා, සේවයට පලමු තැන ලබාදීම,අන් අයට හොදින් සවන්දීම, කුඩාකාලයේ මටත් සිහිනයක් තිබුනා වෛද්‍යවරයෙක් වන්න. එහෙමවෙලා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදියක් මමත් හිතලා තිබුනා.
හැබැයි මට හිතුනා හැමවෙලාවකම එ් අසහනයෙන් ඉන්න මිනිස්සුන්ට උවටැන් කරන්න බැරිවෙයි කියලා,එ්ත් හැම අවස්ථාවකම ඇය සංවේදීව මුහුන දුන්නා පුදුමයි මනුස්සයකුට කරන්න පුලූවන් දේවල්ද කියලා.ඉතින් එමනිසා අවුරුදු 10 පුරාවට පොතකට හිරවෙලා තිබුනු ස්වර්ණසරණිය, කෞශල්‍යා තුලින් පණදෙන්න හිතුවේ.
මේ පොත ගැන පොඩිදෙයක් කියන්නම්, අද දවසේ මේ පොත කියවන විට මට හිතුනා මේක හරිම බොළදයි කියලා.ඒත් මම මෙ පොත කියවලා අමුතුම සතුටක් ලැබුවා. ඉතින් එදා ලියවුනු එ් පද වලට කිසිම ආකාරයකින් වෙනසක් කරන්න මට සිතුන්නෑ. පොතට මගේ ළමාකාලයේ අත්දැකීම් බොහොමයක් එකතුකලා එ්ත් මේ අවස්ථාවල මගෙ අක්කානම් හිටියේනෑ. ඉතින් මම හිතුවා ජීවිතයේ එම අවස්ථාවන් බෙදාගන්න එම චරිතය හිටියා නම් හොදයි කියලා. එහෙම හිටියා නම් අතීතය මේවිදිහට විසදෙන්න තිබුනා. අතිතයේ නොලැබී ගිය අදරය අනාගතයේ ලබාගන්න හිතලා තමයි මම අක්කා චරිතය වෙනත් පවුලකින් සම්බන්ද කලේ. හැබැයි මේ පොතේ මුලයි අගයි විතරක් කියවලා එකම අම්මාගේ දරුවන් විවාහා වෙනවා කියලා පටු අදයසක් ගන්න නම් එපා.


මම කැමතියි නිදහස් කලාවට, මොකද හැම හැගීමක්ම වචන කරන්න පුලූවන්නේ. ඉතින් මගේ එ් කලාවට උදව්කරන රොෂානි උදේශිකාටත් ඇතුලු පාසල්කාලයේ මේ පොත කියවලා ගුණ දොස් කියපු ඔයාලා සියලූමදෙනාට මම ස්තූති කරනවා.


ස්වර්ණමාලිත,
මාදෙල්ගමුව,
ගම්පහ.


swarnamalitha@gmail.com

https://.facebook/swarnasaraniya


Thursday, July 23, 2015

ආදරය............ගසකට අවශ්‍ය හිරුඑළිය වගේම  මිනිස් ජීව්ත වලට ආදරය අවශ්‍යයි. එ්ත් බොහෝ දෙනෙකුට මේ ගැන තේරුමක් නෑ. මිල මුදල්, භෞතිකවස්තු, ඉන්ද්‍රයන් පිනවන දේවල් වලින් මේ ආදරය ලැබෙනවා කියල යිහිතන්නේ. ඔයාට කෙනෙක් ගැන ගෞරවයක් ඇතිවනවා නම් එයා සතුටින් ඉන්න  ඕනෑ එයාගෙ සතුට වෙනුවෙන් මමත් මොනවා හරි කරන්න  ඕනෑ කියලා හිතෙනවානම් එයාගෙ සතුට දැකලා ඔයාටත් සතුටු වෙන්න පුලූවන්නම්, එක තමයි සැබෑආදරය.

ඔයා දැන් විවාහයට සුදුසුද එ් කියන්නේ ඔයා ස්වාධීනයි, මට හිතෙන විදිහට එ්ක තමයි ආදරය කරන්න ආදරය ලබන්න හොදම කාලය, ඔයා එදිනදා ගැටෙන පරිසරයෙන් හෝ ඔයාට අහම්බෙන් මුහුණ දෙන්න වන අවස්ථාවලදී ඔයාගේ සහකාරයා හෝ සහකාරිය හමුවේවි. ඉතා පොඩි සිදුවීමකින් හෝ එයා ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති වෙයි. ඔයා යන්න එයා ලගට ඔයා හිතපු දේ එයාට කියන්න එයාගෙ දැක්ක ගුණාංග ත්‍මානවා හරි එයාට කියන්න එයාව අගය කරන්න එයාව දිරිමත් කරන්න සමහර විට එයා ඔයාව ප‍්‍රතික්ෂේපකරයි කමක්නෑ දැන්එයාදන්නවානේකෙනෙක්බලාපොරොත්තුවෙන්ඉන්නවාකියලා.